ස්වභාවධර්මය හරි පුදුමාකාරයි. අව්ව වැස්ස ස්වභාවධර්මය අපට දුන්නු දායාද.
ඕනෑම දෙයක් ඕනෑවට වඩා
ඕනේ නෑ කියන්නාක් මෙන් අව්ව ද වැස්ස ද
ඕනෑවට වඩා ලැබෙන කල්හි එය දරා ගැනීමට මිහිපිට ජීවත් වන සත්වයින්ට අපහසුයි.
අව්ව නම් එපා වන තරමටම පහුගිය කාලය පුරාවටම ලැබුණු බව කවුරුත් දන්නා කරුණයි. වැහි දෙවියන්ට කන්නලව් කෙරුවේ වැහි බිදුවක
ආශිර්වාදය මේ කර්කෂ පොළොවට අත්‍යාවශ්‍යම මෙහොතකයි.
ඔව් ඇසුණි අහසට ඔබ අපගේ කන්නලව්ව. නමුදු නැතිවුණි සීමාවක් වහින්නට වුණි
ධාරානිපාත වැසි පොළොව තෙතබරිත කරමින්. ගතවූයේ පැය කිහිපයක් පමණි බිලි වුණි
සිය ගණනින් ජීවිත හිත් පිත් නැති රුදුරු ජල පහරට. හයක් හතරක් නොතේරෙන පුංචි සිගිත්තා නොහදුනන
චණ්ඩ ජල පහර ඔප්පු කෙරුවේ ස්වභාවධර්මයට ද කුරිරු විය හැකි බව නොවේ ද.
වැස්සක සේයාවක් හෝ පෙනෙන මානයක නොතිබුණු ඔවුනට අද තම දුක් මහන්සියෙන්
ගොඩනගා ගත් පුංචි නිවහන පෙනෙන මානයක හෝ හිදින්නට නොහැක. ඒ කුරිරු වූ අහස, ඔබ මා මව් දෙරණ හිත් පිත් නැති පරිද්දෙන්
දියබත් කළ නිසාය.
කැලණි ගගට පෙම් කළ අපට අද හූල්ලමින් සිටිනු විනා ඊට වෛර කරන්නට නොහැක. මන් ද එළඹෙන පොසොන් පෙහොය දිනයේ කැලණි ගග
පසුකොට කැලණි පුද බිමට පින් සිතින් ගොඩ වන්නට හිතෙහි ඇති භක්තිය නිසායි.
ලෝකයේ අන් කවර රටක හෝ නොමැති සැබෑ මනුසත්කම අද මගේ පුංචි මව් රටේ අස්සක්
මුල්ලක් නෑරම දෝරෙ ගලා ගිහින්. අභිමානයෙන් කියන්නට හැක හිත් පිත් නැති රුදුරු
ජල පහර දියබත් කළ ද මා මව් දෙරණ, ඔබට
නොහැකි වුණි මා මව් දෙරණේ සැබෑ මනුසත්කම දියබත් කරන්නට.
එකම ආයාචනය, දිවිහිමියෙන් රකින්න සොබාදහම් මාතාවෝ.........කුරිරු නොවේවී නැවත වරක් සොබාදහම ඔබ අප ජීවිත බිලි ගන්නට තරම්.......
No comments:
Post a Comment