ලොව පුරා හින්දු බැතිමතුන් උපවාසයෙහි යෙදෙමින්
ශිව දෙවියන් සැමරීමේ දිනය මහා ශිව රාත‍්‍රී දිනයයි. ලෝකයේ විවිධ රටවල වෙසෙන ශිව
භක්තිකයන්ගේ විශ්වාසය වන්නේ මෙලෙස මහා ශිව රාත‍්‍රී පූජාවට සහභාගී වීම හරහා තම
ජීවිතයට ආලෝකයක් ලැබෙන බවත්, නිරෝගී බවක් මෙන්ම මහත් ආශිර්වාදයක්
හිමි වන බවයි.
හින්දු පුරාණ ග‍්‍රන්ථ 3ක් වන කුර්ම පුරාණය, වායු පුරාණය, ශිව පුරාණය යන ග‍්‍රන්ථ තුනෙහි හින්දු
භක්තිකයන් සමරන ලද මහා ශිව රාතී‍්‍රයට මුල් වූ ජනප‍්‍රවාද නැතිනම් කතා 06 ක් සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් සදහන් වේ. ඉන්
එක් කථා පුවතක් මෙසේය.
ඈත අතීතයේදී බ‍්‍රහ්ම දෙවියන් හා විශ්ණු
දෙවියන් අතර ගැටුමක් හට ගෙන ඇත. ඒ ඔවුන් දෙදෙනා අතරින් බලය වැඩි කාගේද යන්න ඇති වූ
බහින් බස් වීමක් හේතුවෙනි. පසුව එය ටිකෙන් ටික විනාශකාරී සටනක් බවට පරිවර්තනය විය.
මේ සටන යම් අවසානයකට ගෙන එන්න යැයි සියලු හින්දු දෙවිවරුන් ශිව දෙවියන්ගෙන් ඉල්ලා
සිටි අතර එය පිළිගත් ශිව දෙවියන් මේ ලෝකයෙහි ආරම්භය හෝ අවසානය පළමුවෙන්ම සොයා ගත්
තැනැත්තා බලය වැඩිම පුද්ගලයා වශයෙන් පිළිගන්නා බව පවසන ලදි. එය පිළිගත් බ‍්‍රහ්ම
හා විශ්ණු දෙවියන් ශිව දෙවියන්ගේ මෙම අභියෝගය පිළිගත් අතර එය පහසු කාර්යයක් ලෙස වටහාගෙන
බ‍්‍රහ්ම දෙවියන් හංසයෙකුගේ වෙස් ගෙන අහසට ඉගිල ගොස් ලෝකයේ ආරම්භය සෙවීය. ඒ අතරතුර විශ්ණු දෙවියන් ඌරෙකුගේ වෙසක් ගෙන පොළොව
යටට ගොස් ලෝකයේ අවසානය සෙවීය. ඉතා පහසු අභියෝගයක් ලෙසින් භාර ගත් ශිව දෙවියන්ගේ
අභියෝගය දිවා රෑ නොබලා
සැතපුම් ගණන් ගිය ද ජය ගත හැකි වූයේ නැත. කොතෙකුත් වෙහෙසුන ද විශ්ණු දෙවියන්ට හෝ බ‍්‍රහ්ම
දෙවියන්ට මේ ලෝකයේ ආරම්භය හෝ අවසානය සොයා ගැනීමට නොහැකි විය. මෙලෙස වෙහෙසුනද බ‍්‍රහ්ම
දෙවියන්ට හා විශ්ණු දෙවියන්ට මේ සූර්යය කදම්භයෙහි
අග මුල සොයා ගැනීමට නොහැකි බව වටහා
ගත් මොවුන් ශිව දෙවියන් හමු වීමට පැමිණ ඇත.
‘‘ දෙවියනි අප ඔබතුමාගේ කිරණයෙහි අග මුල නොදුටුවෙමු. සියලු ම
ජීවීන්ට මෑණියන් ද පියාණන් ද ඔබ වහන්සේය. මවන්නේද ඔබමය. සිය`ඵ රූප දකින්නේද ඔබමය. සියලුම
දේට සවන් දෙන්නේ ද ඔබමය. සියලුම
කාරණා කරවන්නේ ද ඔබමය. සියලු
දෙනාට වැඩිමහලු වූයේ ද ඔබමය. සියලුම
දෙයට උසස් වන්නේද ඔබමය. මෙය කවුරු දැනගත්තේ ද ඔහු ‘‘සිවසායුච්චය’’ නැමැති පදවිය ලබා ගන්නේ යැයි විශ්ණු හා බ‍්‍රහ්ම
කීය.
එසේ යාඥා කළ ඔවුන්
දෙදෙනා ඉදිරියේ ශිව දෙවියන් ලිංග ස්වරූපයෙන් පෙනී සිටියහ. මෙම ආලෝක කදම්භය ලිංගයක්
බවට පත් වීම නිසා එය ‘‘ ලිංග කෝවය බවට පත් විය. මෙයට ප‍්‍රතිචාර
දැක් වූ විශ්ණු හා බ‍්‍රහ්ම,
‘ඔබ
වහන්සේ අපට දෘශ්‍යයමාන වූ මෙම රාත‍්‍රිය ශිව රාත‍්‍රිය යැයි නම් කරම්හ. යැයි ප‍්‍රතිඥා
දුන්හ.
මහා ශිව රාත‍්‍රිය සැමරීමට මුල් වූ ජනප‍්‍රවාදයේ
එන තවත් එක් කථා පුවතක් මෙසේය. දිනක් එක් සවස් යාමයක එක්තරා පූසාරි කෙනෙක් කැළයට
ගොස් ඇත. ඒ අතරතුර කොටි රැළක් ඔහුගේ පසුපස එළවන්නට විය. ඔහු දුවගොස් අසල තිබූ
විශාල ගසකට ගොඩ වූයේ තමා පසුපස පන්නාගෙන ආ කොටි රැළෙන් බේරීම සඳහාය. නමුත් එම කොටි රැළ පූසාරි එම ගසෙන් බිමට
බසින තුරුම එම ගස මුලට වී සිටියහ. කෙමෙන් කෙමෙන් රාත‍්‍රිය උදා වීමත් සමග ඔහුට බිය
මෙන්ම නිදිමතද දැනෙන්නට විය. එනිසාවෙන් ඔහු තමා නැග සිටි ගසෙහි කොළ එකින් එක කඩා පහලට විසි කර ඇත. නොදැනුවත්වම
පූසාරි තෙමේ නැග ඇත්තේ බෙලි ගසකට වූ අතර එම ගස පාමුල ශිව දෙවියන්ගේ ශිව ලිංගය සහිත
පිළිමය තිබී ඇත. ඔහු නැග සිටි බෙලි ගසේ සිට කඩා බිම දමන බෙලි කොළ ශිව දෙවියන්ට කරන
ලද පූජාවක් ආකාරයට බිම ඇතිරී තිබීම හේතුවෙන් එම රාත‍්‍රිය පුරාවට එම පූසාරි නිදි
වර්ජිතව ශිව දෙවියන්ට සිදු කළ පූජාවක් ලෙස මෙය සැලකේ.
මෙම කථා වස්තුව මුල් කර ගනිමින් එදා සිට
හින්දු බැතිමතුන් ශිව රාත‍්‍රිය පුරාවටම නිදි වර්ජිතව ශිව ලිංගයට පූජා පවත්වන අතර
එහිදී යොදා ගන්නා ප‍්‍රධාන පූජා ද්‍රව්‍යයක් ලෙස බෙලි කොළ යොදාගැනිමද
විශේෂත්වයකි.
ශිව
රාත‍්‍රිය බිහි වූ ආකාරය හින්දු පුරාණයේ සඳහන් වෙනවා සේම සෘග් වේදයේද සදහන්
වේ. සෘග් වේදය වර්ෂ 3500 කට පමණ පෙර ලියවුණු ඉතාමත් පැරණි
කෘතියකි. සෘග් වේදයෙහි සදහන්
වන ආකාරයට හින්දුන්ගේ විශ්වාසය වන්නේ ශිව දෙවියන් සියලුම ජීව රාශි වල උප්පත්තියේ පියා බවයි. ශිව
දෙවියන්ට හැඩයක් නොමැති අතර වරෙක හිරුගේ කිරණයක් හෝ ලපයක් ලෙසද සලකනු ලබයි.
ශිව දෙවි පවුලේ ප‍්‍රධාන වශයෙන් ශිව දෙවියන් ද, උමයංගනාව නොහොත් පාර්වතී දේවිය ද, වැඩිමල් පුතු ලෙසින් ඝනපති නොහොත් පුල්ලයාර්
දෙවියන් ද, බාල පුත් කුමරා ලෙසින් මුරුගන් දෙවියන්
නොහොත් කතරගම දෙවියන් ද සලකනු ලබයි.
ශිව පුරාණය පවසන
ආකාරයට මහා බ‍්‍රහ්මයාගේ අවසාන කාලයේදී සියලුම ජීවීන් ශිව දෙවියන් වෙත ගොස් ඇත. එයට හේතුව
වශයෙන් සෘග් වේදය පවසන්නේ සියලුම
ජීවීන් මවන මහා බ‍්‍රහ්මයාට අවසාන කාලයේදී මෙලෙස ජීවීන් මැවීමේ ශක්තිය නැති වී ගිය
බවයි. ඉන් පසු මහා බ‍්‍රහ්මයා මෙම බලය ලබා
දුන් ශිව දෙවියන් වෙත සියලුම
ජිවීන් ගිය බව ශිව පුරාණයේ සදහන්
වේ. එම බලය නැවත ඇති නොවූ අතර මේ නිසා ලෝකයේ කිසිදු ජීවියෙකුද උපත ලැබුවේ නැත. එම නිසා ශිව දෙවිගේ බිරිය උමයංගනාව ශිව
දෙවියන්ට පූජා පවත්වා ඇත.
ශිව දෙවියන්ට පුද පූජා
පැවැත්වීමේ බලයෙන් නැවතත් මහා බ‍්‍රහ්මයාට ජීවීන් මැවීමේ බලය ලැබීණි. එම අවස්ථාවේ දේවිය මෙසේ කීවාය. ‘‘ මාගේ දෙවියනි, මා හදවතින්ම ඔබට වන්දනාමාන කළ බැවින් මෙම රාත‍්‍රිය ‘ශිව රාත‍්‍රිය’ යනුවෙන් නම් කරමි.’’ එම්
පෙරුවානේ තේවරීරේ ආඩියේන් පූජිත්තමයාලේ ඉව් රාත‍්‍රී ශිව රාත‍්‍රී මෙම රාත‍්‍රියේ
දී උපවාසයේ හිද ශිව දෙවියන්ට පුද පූජා පවත්වන අයට මෙලොවදීත් පරලොවදීත් සැප සම්පත්
ලබා දෙන්නට ශිව දෙවියන්ට ඉල්ලීමක් කළා ය. මහා සමුද්‍රයක් බදු වූ කරුණා නිධාන වූ
ශිව දෙවියන් එය අනුමත කරමින් මෙම දිනයේදී තමන්ට පුද පූජා පවත්වන සියලුම
ජීවීන්ට නොයෙක් වරප‍්‍රසාද සහ සැප සම්පත් ලබා දෙන
බව ආශිර්වාද කර ඇත. මෙම පුරා වෘත කථාව නිසා ඈත අතීතයේ සිට මෙදින නොයෙක් පුද
පූජා පැවැත්වීමට හින්දු හු අමතක නොකරති.
මහා ශිව රාත‍්‍රී
දිනය සෑම වර්ෂයකටම පෙබරවාරි මාසයේ අමාවක ට පෙර දිනයේ දී යෙදේ. මෙම දිනය හින්දු දින
දර්ශනයේ පෙබරවාරි මාසයේ ක‍්‍රිෂ්ණ පක්ෂයේ චතුර්දි වශයෙන් සැලකෙන දහතුන් වන දින හෝ
දහ හතර වන දින හෝ ඊට ආසන්න දිනෙක හෝ යෙදීම සාමාන්‍යය සිරිතය. නමුත් ඇතැම් අවස්ථා
වලදී මෙම දින වකවානු වෙනස් වීමේ ඉඩකඩ ද පවතී.
මෙලෙස
හින්දු බැතිමතුන් විසින් සිදු කරනු ලබන මහා ශිවරාත‍්‍රී පූජාව හුදෙක් උත්සවශ‍්‍රීයෙන්
සමරන්නක් නොව ශිව දෙවියන්ගේ පිහිට අපේක්ෂොවන් සිදු කරන උපවාසය කි. මෙලෙස
උපවාසයෙහි යෙදීම හරහා හින්දු බැතිමතුන් විසින් බලාපොරොත්තු වන දේ කිහිපයකි.
තමන්ට ඇති රෝග දුරුවීම
පව් දොස් නිවාරණය වීම
ජීවිත ආරක්ෂාව
ඒ හරහා ජීවිතය ආලෝකමත් වීම.
මහා ශිව දෙවියන්
ලිංග සංකේතයෙන් ලොව පහලවන බව කියන ‘ නිසිතකාල’
ලෙසින් හැදින්වෙන ශුද්ධ මොහොතේ මහා ශිව දෙවියන්
තම ඉහලම රංගනය වූ ‘තාණ්ඩව’ රැගුම රගන බව බැතිමතුන්ගේ
විශ්වාසයයි. ශිව බැතිමත්හු එදින උදේම සූර්යෝදය සමග ස්නානය කරති. ඉන්පසු පිරිසිදු ඇදුමෙන්
සැරසුණු ඔවුහු පැන් කෙණ්ඩියක් ද ගෙන දෙවොලට ගොස් ශිව ලිංගය නහවති. ස්ත‍්‍රී,
පුරුෂ දෙපක්ෂයම එහිදී සූර්යය නමස්කාරය කරති. ඒ
අවස්ථාවේදී දෙවොල පුරා ගන්ඨා නාදයත් සැම දෙනාට හ`ඩනගා කියන ‘ෂන්කර්ජි ජායි’ ( ශිව දෙවියන්ට නමස්කාර වේවා) යන නාදයන් පැතිරේ.
අහසේ දක්ෂිණ ප‍්‍රදේශයේ ග‍්‍රහ තාරකාවන් අරමුණු කර ශිව මන්ත‍්‍ර ගායනා කිරීම හරහා
අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගත හැකි යන්න විශ්වාසයයි. මෙහිදී විශේෂයෙන්ම මහා
මෘතුංජ මන්ත‍්‍රය ගායනයෙන් විපුල ප‍්‍රතිඵල ලැබෙන බව විශ්වාසයයි.
තමන් නිවසෙන් ගෙන ගිය
පැන් කෙණ්ඩිය යොදාගෙන එම පැන් කෙණ්ඩිය තුළ ඇති ජලයට බෙලි කොළ එකතු කර ශිව ලිංගය
අභිෂේක කරති. මෙලෙස අභිෂේක කරනු ලබන්නේ ඒ හරහා තම ආත්මය ද පාරිශුද්ධත්වයට පත් කර
ගැනීමටය. මීළගට ශිව ලිංගයේ දම් පැහැය ආලේප කෙරේ. ඒ ශීල ගුණය පිහිටවීමට ය. පලතුරු
පිදීම ඊළගටය. ඒ දීර්ඝායුෂ සහ කෘතගුණ සැලකීමටය.අනතුරුව සුවද දුම් දල්වමින් ධනය
ලැබේවා යන්නට ප‍්‍රාර්ථනා කරයි. පහන් දැල්වීමෙන් අපේක්ෂා කරන්නේ ඥාණ වර්ධනයයි.
බුලත් පූජාවට තබන්නේ ලෞකික සන්තුෂ්ටිය ප‍්‍රාර්ථනා කිරීමටය.
තිරුපුන්ද්‍රා යනු ශිව ලිංගයේ නළල් තලයේ හරස්
අතට එක සමාන අන්දමින් අලු
වලින් අදිනු ලබන රේඛා තුනයි. අධ්‍යාත්මින ඥාණය, ශුද්ධත්වය හා යෝග පිළිබද ප‍්‍රායෝගික හැකියාව, පුහුණුව එමගින් සංකේතවත් කෙරේ. ශිව දෙවියන්ට ‘තිනෙත් ’ යන නම යෙදෙන්නේ ඇස් තුනක්
ඇති හෙයිනි. මේ ඉරි තුනෙන් එම ඇස් තුන සංකේතවත් කෙරේ. ධර්මය විනාශ වී, අධර්මය වර්ධනය වී යුක්තිය යටපත්ව අයුක්තිය රජයන
විට මිනිස් ලොව යහපාලනය, සාරධර්ම, ගුණධර්ම, මිනිස්කම යලි පුනුරුත්ථාපනය කිරීම සදහා
ශිව දෙවියන් මිනිස් ලොවට පැමිණෙතැයි හින්දුන් ගේ මතයයි.
මහා ශිව රාත‍්‍රී පූජා
සමයේ සිදු වන සහශ‍්‍ර කල අභිෂේකම් පූජාව ඉතාම දුර්ලභ පූජාවකි. මහා ශිව රාත‍්‍රී පූජා
සමයේ එම පූජාව දින දහයක්ම පවත්වනු ලැබේ. ඒ මහා ශිව දෙවියන් අභිෂේක උත්සව ප‍්‍රිය
දෙවියෙකු බව සැලකෙන බැවිනි. මෙම උත්සවයේදී අභිෂේකය සදහා පැන්, සුවද පැන් ආදිය ගැනීමට කල 101 ක් යොදා ගන්නා බැවින් සහශ‍්‍ර කල අභිෂේකය ලෙස
සැලකේ. මේ සදහා ගනු ලබන කල එකසිය එකෙන් සියයක් රිදී කල ය. එකක් රත‍්‍රන් ය. රිදී
කල වලින් ගෙනෙන පැන් වලින් ශිව ප‍්‍රතිමාව හෝ ශිව ලිංගය හෝ අභිෂේක කර අවසානයේ රන්
කලයෙන් අභිෂේක කෙරේ. ඒ අවස්ථාවේදී බැතිමත්හු ‘ නම ශිවාය හර හර මහා දේව, සම්බෝ
මහා දේව’ ආදී ලෙස ස්තෝත‍්‍ර ගයති.
බෞද්ධයන්ට වෙසක්
උත්සවය වැදගත් වනවා සේම හින්දු බැතිමතුන්ට මෙම මහා ශිව රාත‍්‍රිය වැදගත් ආගමික
දිනයක් වේ. එනිසාම බොහෝ ආගමික වතාවත් උපවාස කිරීමේ ස්වරූපයක් ගෙන ඇත. මෙම දිනයේ දී
හින්දු බැතිමත්හු බොහෝ දෙනා තම ආත්ම භවය සකස් කර ගැනීම සදහා නිරාහාරව, නිදි වර්ජිතව සිටිමින්, ශිව ලිංගය උදෙසා විවිධ පුණ්‍යකර්ම වල පූජාවන්
වල යෙදේ. බොහෝ මහලු
පිරිස් යෝ මොනයම් හෝ අසනීපයකින් නැතිනම් දුබලතාවයකින් පෙළෙන පිරිස් පළතුරු හා කිරි
පමණක් ආහාරයට ගනිමින් උපවාසයට එක්කාසු වෙයි. නමුත් බහුතරයක් ශිව භක්තිකයන් වතුර බිදකුදු
පානය නොකරයි. මෙලෙස ආහාර අවම කරන්නේ පාපාකාරී චේතනා හිතට නගා නොගෙන දෙවියන් පිළිබද
පමණක් තම සිතෙහි රදවා ගැනීම සදහා ය. මෙලෙස උපවාසයේ යෙදෙමින් රාත‍්‍රිය පුරාවට
කෝවිල තුල සිදු වන කොටස් හතරකින් යුක්ත වන විවිධ වරු වල පූජාවන් සදහා බැතිමතුන්
සහභාගී වේ. මෙකී විවිධ පූජාවන් පහත ආකාරයට පැවැත්වේ.
සවස 6 ට පැවැත්වෙන පූජාව
රාත‍්‍රී 9 ට පැවැත්වෙන පූජාව
මධ්‍යම රාත‍්‍රී 12 ට පැවැත්වෙන පූජාව
අලුයම 3ට
පැවැත්වෙන අවසන් පූජාව
මෙලෙස පැවැත්වෙන පූජාවන් අතරින් වඩාත් වැදගත්
පූජාව වන්නේ මධ්‍යම රාත‍්‍රී 12 ට පැවැත්වෙන පූජාවයි. අනෙකුත් පූජා
වලට සහභාගි වීමට නොහැකි වී ගියද මධ්‍යම රාත‍්‍රී 12 පූජාව සදහා සියලු
දෙනාගේ ම සහභාගීත්වය අත්‍යාවශ්‍ය වේ. ඒ මන්ද එම වේලාවේ දී ශිව දෙවියන්ගේ රූපය
ආලෝකයක් වී මෙලොවට පතිත වන්නා සේම එම ආලෝක ධාරාව දැක තම ජීවිත ආලෝකවත් කර ගැනීම
ශිව බැතිමතුන්ගේ විශ්වාසයයි.
මහා ශිව රාත‍්‍රියේදී ශිව දෙවියන්ගේ විවිධ රූප ආකාර අතරින් ශිව ලිංගය සදහා
විශේෂයෙන්ම පූජා පැවැත්වීමට සිදු කරයි. මෙහිදී ශිව ලිංගය විවිධ පූජා ද්‍රව්‍ය යොදා
ගනිමින් නාවා පිරිසිදු කරයි. එහි දී කිරි, සුවද වතුර, බෙහෙත් වතුර, බෙහෙත් කොළ, එළඟි තෙල්, මුදවපු කිරි වැනි පූජා ද්‍රව්‍ය වලින් ශිව ලිංගය නහවයි. ඉන් පසු සුවද
දුම් අල්ලා, පළතුරු පූජා කර, පහන් පත්තු කර, මල් මාලා පළන්දවා පූජා පවත්වයි. උපවාසයේ යෙදෙමින් රැුය පහන් කරන
අතරතුර ‘ ඕම් නම ශිවාය’ වැනි මන්ත‍්‍ර පද කීම, කෙටි නාට්‍ය රගපෑම, ස්තෝත‍්‍ර ගායනය, ශිව පුරාණය කියවීම වැනි දේ සිදු කරයි.
ශ‍්‍රී ලංකාවේ සෙල්ල
කතරගම පුරාණ ගණ දේවාලයට විශේෂිතව කතා කළහොත් එහිදී ද මහා ශිව රාත‍්‍රී පූජාව
පැවැත්වේ. මෙදින උදෑසන 6 සිට පසු දින උදේ 6 දක්වා පූජාවන් පැවැත්වේ. මධ්‍යම රාත‍්‍රියේ
මහා ශිව රාත‍්‍රී දේව පූජාව පැවැත්වේ. මෙම පූජාව සදහා ලංකාවේ ප‍්‍රධාන ගණ දේවාල වල
සාමි වරුන් දහ දෙනෙක් පමණ සහභාගි වේ. මධ්‍යම රාත‍්‍රියේ පැවැත්වෙන මෙම ශිව රාත‍්‍රී
පූජා අවස්ථාවේදී මෙම දේවාලයේ ගලෙන් ඉබේ වැඩෙන ශිව ලිංගය කිරි, තැඹිලි, තල තෙල්, එළගි තෙල්, මී පැණි වලින් ද, අඹ, දිවුල්, දොඩම්, අන්නාසි, පළතුරු යුෂ වලින් ද, අභිෂේක කර, නාවා මැණික් ගෙග් පිරිසිදු ජලයෙන් ද නාවා තින්නූරු කුංකුම හදුන්
ගල්වා, ගස් වලින් නෙලා ගන්නා ලද මල් මාලා
වලින් අලංකාර ලෙස සරසා විශේෂ දේව පූජා පැවැත්වේ.
මේ ආකාරයට ලෝකය
පුරා විසිරී සිටින ශිව බැතිමතුන් කුමන හෝ ශිව කෝවිලකට ගොස් පූජා පවත්වා උපවාසයේ
යෙදීමෙන් අනතුරුව පසු දින උදෑසන තම නිවෙස් බලා ගොස් නා පිරිසිදු වී ආහාර ගනී. මෙම
ආහාර ඔවුන් විශේෂ නමකින් හදුන්වනු ලබයි. එනම් ශිව රාත‍්‍රියට පසු දින ආහාරයට ගන්නා
දේ ඔවුන් ‘පාරනම්’ නමින් හදුන්වනු ලබයි.
හින්දු භක්තිකයන්ගේ
ප‍්‍රධාන දෙවියන් වන්නේ ශිව දෙවියන් ය. තම මව හා පියා වශයෙන් ඔවුන් සලකන්නේ
පාර්වතී මෑණියන් හා ශිව දෙවියන් ය. මේ ආකාරයට ලොව පුරා හින්දු බැතිමතුන් මහා ශිව
රාත‍්‍රී දිනය උපවාසයේ යෙදෙමින් ශිව දෙවියන් හා ශිව ලිංගය වන්දනාමාන කිරීම නිසා තම
ජීවිත වලට ලැබෙන ආශිර්වාදය හරහා තම ජීවිත ආලෝකමත් වන බව ඔවුන්ගේ විශ්වාසයයි.
No comments:
Post a Comment