මුමුණයි හැම තත්පරයකම
එනමුදු සැබෑ ලෙස හදවතින්ම බැදුණු
පේ්රමවන්තයෝ කොහිද මේ ලොව
ඔබ මගේ පණ වග
පවසන්නෙ ආදරෙන් හුරතලෙන්
එනමුදු ඔහු නමින් ඇය නමින් පණ වුව
පුදන්නට හැකි
පේ්රමවන්තයෝ කොහිද මේ ලොව
අත්වැල් පටලවාගෙන පියමනියි හතර අත
පෙම් කරයි අහු මුළුවලට වී එකිනෙක වැළදගෙන
එනමුදු ඔහු නමින් ඇය නමින් මලගමට වුව
ඇරයුම් කරන
පේ්රමවන්තයෝ කොහිද මේ ලොව
ආත්මෙන් ආත්මෙට පතාගෙන ආ
නොවිදිනා දුක් වින්දද කිසිදාක අත්
නොහරින
රන්හුයෙන් දෑගිලි බැදෙන තුරු එකිනෙක
හදවත් නොරැවටූ
පේ්රමවන්තයෝ කොහිද මේ ලොව
No comments:
Post a Comment