කුසින් දරා නොසිටිය ද
ආදරය මහ සයුරකි
රැකවරණය සිව් කොණ බැදි පවුරකි
පියාණෙනි ඒ ඔබම පමණයි
නොසිතූ නොපැතූ මොහොතක
මා හැර ගිය ඒ පිය සෙනෙහස
යළි කිසිදු දිනක
මවෙත නොඑන බව දැන දැනම
නමුදු හිත කොනෙහි තිබුණි පැතුමක්
පියෙකු මෙන් මා රැකිය හැකි
එවන් සුවිසල් සෙනෙහසක් මට පිදිය හැකි
පේ‍්‍රමවන්තයෙකු දිවි හිමියෙන් මා රකින
නැවතුණි හෘද ස්පන්දනය පවා මොහොතකට
ඒ ඔහුගේ හදවත සොයා ගන්නයි
ඒ හුරුපුරුදු බව අදටද දැනෙන්නේ
ආත්ම ගාණක සිට ඔබ මා හදුනනා ලෙසින්
පෙර පිනට ඔබ ලැබුණි
පේ‍්‍රමයේ නාමයෙන් සිතෙන් සිත බැදුණි
හැර නොයමි කිසිදිනක
මියෙන තුරු පේ‍්‍රම කරමි දිවි හිමියෙන්
රෝමියෝ ජුලියට් නොවුණත්
හැකිය මටත් ඔබ නමින් මලගමට වුව යන්නට
පොරොන්දු වන්නේ ඔබ නමින් දිවුරමින්
ඔබ දිවියට දොලොස් මහේ පහන වන බවට