නතර
වන්නට කොයිතරම් නැවතුම් තිබුණත්........ තිබේ ද ඔබේ නිවහන තරම් ඉස්තරම් නැවතුමක් ඔබට මොහොතකට වුව නතර වන්නට...... නිවහන තරම් අප හිත් සොරාගත් සොදුරු තැනක් තවත් නොමැති තරම්.
ඔබේ නිවහන
මුතු මැණිකෙන් නිම වූ සුපිරි මාළිගාවක් ද......
පොල් අතු සෙවිලි කළ පුංචි පැල්පතක් ද.... එය මාළිගාවක් වුව ද, පැල්පතක් වුව ද කම් නැත. වැදගත් වන්නේ
ඒ නිවහනෙහි ඔබ අප ගත කරන නිදහස් මෙන්ම සුන්දර මොහොතයි.
එක
මොහාතක්.... බාධා කරන්නට කිසිවෙකු නැත. නිහඩ බව බිදෙන්නේ හද ගැස්මෙන් පමණි.
ඒ....නිවහනෙහි මා තනි වූ මොහොතයි. මිහිරි මතකයන්, අමිහිරි මතකයන් මකාලයි තනිකම. මැවෙයි නෙක
සිතුවම් සුන්දර නිවහනේ චමත්කරයෙන්.
තවත්
මෙහොතක් ගෙවන්නේ...... තම දුක සැප බෙදා
ගනිමින් සතුටු සාමිචියේ යෙදෙමින්. තරු පහේ හෝටලයක ගත කළ ද කෙලෙස ගත කරන්න ද මෙවන්
සුන්දර මොහොතක් තම අය සමග බතක සම්බෝලයක රස විදිමින්.
ලොව වටා කොතැනක ඔබ සංචාරය කළ ද
නිවහනෙහි අත් විදින සුන්දරත්වය, නිවහන අපට ගෙන එන සෙවන කෙලෙස භුක්ති විඳින්න
ද........
No comments:
Post a Comment