Friday, August 4, 2017

වැස්ස


 කර්කෂ වූ මහ පොළොවකි. වියළී තැලී පොඩි වී ගිය මහා මූසල කාන්තාරයකි. ගහ කොළ මලානිකව ගොසින්. පරව යන්නට සැරසෙන මල් ගොමු මට නවතා ගන්නට හැකි නම්. මා දුටු සොබාදහමේ සුන්දරත්වය කොහි ද අද.
  නිවසට එළිය ගෙනා අප්පච්චිගෙ සිනහව මැකී ගොසින්. රස බොජුන් නොකෑව ද පුංචි අපේ පැල්පතට එළිය ගෙනා අප්පච්චිගේ මුහුණේ සිරියාව වියැකී ගිහින්. බලාගත් පසම බලා ඉන්නවා හැරෙන්නට අන් කවරක් කරන්න ද ඔහු. ආදර අප්පච්චී මග බලයි නිරතරුව ඔබ එනතුරු.
   හැකි ද නැවතත් එන්නට. මා දුටු සොබාදහමේ සිරිය රැුගෙන නැවත බිමට වඩින්නට. ඔබ නොමැතිව දහසක් ජීවිත අතරමංව ගොසින්.
  වැස්ස............. මුකුලිත වූ මා සිතුවිලි ද ඔබ එනතුරු මග බලමින් සිටිී.ඔබ වෙනුවෙන් කන්නලව් කරන මිනිසුන්ගේ හඩ නොඇසේ ද ඔබට .

Thursday, August 3, 2017

මහා ශිව රාත‍්‍රී පූජාව

                ලොව පුරා හින්දු බැතිමතුන් උපවාසයෙහි යෙදෙමින් ශිව දෙවියන් සැමරීමේ දිනය මහා ශිව රාත‍්‍රී දිනයයි. ලෝකයේ විවිධ රටවල වෙසෙන ශිව භක්තිකයන්ගේ විශ්වාසය වන්නේ මෙලෙස මහා ශිව රාත‍්‍රී පූජාවට සහභාගී වීම හරහා තම ජීවිතයට ආලෝකයක් ලැබෙන බවත්, නිරෝගී බවක් මෙන්ම මහත් ආශිර්වාදයක් හිමි වන බවයි.
                හින්දු පුරාණ ග‍්‍රන්ථ 3ක් වන කුර්ම පුරාණය, වායු පුරාණය, ශිව පුරාණය යන ග‍්‍රන්ථ තුනෙහි හින්දු භක්තිකයන් සමරන ලද මහා ශිව රාතී‍්‍රයට මුල් වූ ජනප‍්‍රවාද නැතිනම් කතා 06 ක් සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් සදහන් වේ. ඉන් එක් කථා පුවතක් මෙසේය.
            ඈත අතීතයේදී බ‍්‍රහ්ම දෙවියන් හා විශ්ණු දෙවියන් අතර ගැටුමක් හට ගෙන ඇත. ඒ ඔවුන් දෙදෙනා අතරින් බලය වැඩි කාගේද යන්න ඇති වූ බහින් බස් වීමක් හේතුවෙනි. පසුව එය ටිකෙන් ටික විනාශකාරී සටනක් බවට පරිවර්තනය විය. මේ සටන යම් අවසානයකට ගෙන එන්න යැයි සියලු හින්දු දෙවිවරුන් ශිව දෙවියන්ගෙන් ඉල්ලා සිටි අතර එය පිළිගත් ශිව දෙවියන් මේ ලෝකයෙහි ආරම්භය හෝ අවසානය පළමුවෙන්ම සොයා ගත් තැනැත්තා බලය වැඩිම පුද්ගලයා වශයෙන් පිළිගන්නා බව පවසන ලදි. එය පිළිගත් බ‍්‍රහ්ම හා විශ්ණු දෙවියන් ශිව දෙවියන්ගේ මෙම අභියෝගය පිළිගත් අතර එය පහසු කාර්යයක් ලෙස වටහාගෙන බ‍්‍රහ්ම දෙවියන් හංසයෙකුගේ වෙස් ගෙන අහසට ඉගිල ගොස් ලෝකයේ ආරම්භය සෙවීය. ඒ  අතරතුර විශ්ණු දෙවියන් ඌරෙකුගේ වෙසක් ගෙන පොළොව යටට ගොස් ලෝකයේ අවසානය සෙවීය. ඉතා පහසු අභියෝගයක් ලෙසින් භාර ගත් ශිව දෙවියන්ගේ අභියෝගය දිවා රෑ නොබලා සැතපුම් ගණන් ගිය ද ජය ගත හැකි වූයේ නැත. කොතෙකුත් වෙහෙසුන ද විශ්ණු දෙවියන්ට හෝ බ‍්‍රහ්ම දෙවියන්ට මේ ලෝකයේ ආරම්භය හෝ අවසානය සොයා ගැනීමට නොහැකි විය. මෙලෙස වෙහෙසුනද බ‍්‍රහ්ම දෙවියන්ට හා විශ්ණු දෙවියන්ට මේ සූර්යය කදම්භයෙහි  අග මුල  සොයා ගැනීමට නොහැකි බව වටහා ගත් මොවුන් ශිව දෙවියන් හමු වීමට පැමිණ ඇත.  ‘‘ දෙවියනි  අප ඔබතුමාගේ කිරණයෙහි අග මුල නොදුටුවෙමු. සියලු ම ජීවීන්ට මෑණියන් ද පියාණන් ද ඔබ වහන්සේය. මවන්නේද ඔබමය. සිය`ඵ රූප දකින්නේද ඔබමය. සියලුම දේට සවන් දෙන්නේ ද ඔබමය. සියලුම කාරණා කරවන්නේ ද ඔබමය. සියලු දෙනාට වැඩිමහලු වූයේ ද ඔබමය. සියලුම දෙයට උසස් වන්නේද ඔබමය. මෙය කවුරු දැනගත්තේ ද ඔහු ‘‘සිවසායුච්චය’’  නැමැති පදවිය ලබා ගන්නේ යැයි විශ්ණු හා බ‍්‍රහ්ම කීය.
      එසේ යාඥා කළ ඔවුන් දෙදෙනා ඉදිරියේ ශිව දෙවියන් ලිංග ස්වරූපයෙන් පෙනී සිටියහ. මෙම ආලෝක කදම්භය ලිංගයක් බවට පත් වීම නිසා එය ‘‘ ලිංග කෝවය බවට පත් විය. මෙයට ප‍්‍රතිචාර දැක් වූ විශ්ණු හා බ‍්‍රහ්ම,
    ඔබ වහන්සේ අපට දෘශ්‍යයමාන වූ මෙම රාත‍්‍රිය ශිව රාත‍්‍රිය යැයි නම් කරම්හ. යැයි ප‍්‍රතිඥා දුන්හ.
       මහා ශිව රාත‍්‍රිය සැමරීමට මුල් වූ ජනප‍්‍රවාදයේ එන තවත් එක් කථා පුවතක් මෙසේය. දිනක් එක් සවස් යාමයක එක්තරා පූසාරි කෙනෙක් කැළයට ගොස් ඇත. ඒ අතරතුර කොටි රැළක් ඔහුගේ පසුපස එළවන්නට විය. ඔහු දුවගොස් අසල තිබූ විශාල ගසකට ගොඩ වූයේ තමා පසුපස පන්නාගෙන ආ කොටි රැළෙන් බේරීම සහාය. නමුත් එම කොටි රැළ පූසාරි එම ගසෙන් බිමට බසින තුරුම එම ගස මුලට වී සිටියහ. කෙමෙන් කෙමෙන් රාත‍්‍රිය උදා වීමත් සමග ඔහුට බිය මෙන්ම නිදිමතද දැනෙන්නට විය. එනිසාවෙන් ඔහු තමා නැග සිටි ගසෙහි  කොළ එකින් එක කඩා පහලට විසි කර ඇත. නොදැනුවත්වම පූසාරි තෙමේ නැග ඇත්තේ බෙලි ගසකට වූ අතර එම ගස පාමුල ශිව දෙවියන්ගේ ශිව ලිංගය සහිත පිළිමය තිබී ඇත. ඔහු නැග සිටි බෙලි ගසේ සිට කඩා බිම දමන බෙලි කොළ ශිව දෙවියන්ට කරන ලද පූජාවක් ආකාරයට බිම ඇතිරී තිබීම හේතුවෙන් එම රාත‍්‍රිය පුරාවට එම පූසාරි නිදි වර්ජිතව ශිව දෙවියන්ට සිදු කළ පූජාවක් ලෙස මෙය සැලකේ.
       මෙම කථා වස්තුව මුල් කර ගනිමින් එදා සිට හින්දු බැතිමතුන් ශිව රාත‍්‍රිය පුරාවටම නිදි වර්ජිතව ශිව ලිංගයට පූජා පවත්වන අතර එහිදී යොදා ගන්නා ප‍්‍රධාන පූජා ද්‍රව්‍යයක් ලෙස බෙලි කොළ යොදාගැනිමද විශේෂත්වයකි. 
       ශිව රාත‍්‍රිය බිහි වූ ආකාරය හින්දු පුරාණයේ සහන් වෙනවා සේම සෘග් වේදයේද සහන් වේ. සෘග් වේදය වර්ෂ 3500 කට පමණ පෙර ලියවුණු ඉතාමත් පැරණි කෘතියකි. සෘග් වේදයෙහි සහන් වන ආකාරයට හින්දුන්ගේ විශ්වාසය වන්නේ ශිව දෙවියන් සියලුම ජීව රාශි වල උප්පත්තියේ පියා බවයි. ශිව දෙවියන්ට හැඩයක් නොමැති අතර වරෙක හිරුගේ කිරණයක් හෝ ලපයක් ලෙසද සලකනු ලබයි.
ශිව දෙවි පවුලේ ප‍්‍රධාන වශයෙන් ශිව දෙවියන් ද, උමයංගනාව නොහොත් පාර්වතී දේවිය ද, වැඩිමල් පුතු ලෙසින් ඝනපති නොහොත් පුල්ලයාර් දෙවියන් ද, බාල පුත් කුමරා ලෙසින් මුරුගන් දෙවියන් නොහොත් කතරගම දෙවියන් ද සලකනු ලබයි.
       ශිව පුරාණය පවසන ආකාරයට මහා බ‍්‍රහ්මයාගේ අවසාන කාලයේදී සියලුම ජීවීන් ශිව දෙවියන් වෙත ගොස් ඇත. එයට හේතුව වශයෙන් සෘග් වේදය පවසන්නේ සියලුම ජීවීන් මවන මහා බ‍්‍රහ්මයාට අවසාන කාලයේදී මෙලෙස ජීවීන් මැවීමේ ශක්තිය නැති වී ගිය බවයි.  ඉන් පසු මහා බ‍්‍රහ්මයා මෙම බලය ලබා දුන් ශිව දෙවියන් වෙත සියලුම ජිවීන් ගිය බව ශිව පුරාණයේ සහන් වේ. එම බලය නැවත ඇති නොවූ අතර මේ නිසා ලෝකයේ කිසිදු ජීවියෙකුද උපත ලැබුවේ  නැත. එම නිසා ශිව දෙවිගේ බිරිය උමයංගනාව ශිව දෙවියන්ට පූජා පවත්වා ඇත.
     ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමේ බලයෙන් නැවතත් මහා බ‍්‍රහ්මයාට ජීවීන් මැවීමේ බලය ලැබීණි.  එම අවස්ථාවේ දේවිය මෙසේ කීවාය. ‘‘ මාගේ දෙවියනි, මා හදවතින්ම ඔබට වන්දනාමාන කළ බැවින් මෙම රාත‍්‍රිය ශිව රාත‍්‍රිය’  යනුවෙන් නම් කරමි.’’ එම් පෙරුවානේ තේවරීරේ ආඩියේන් පූජිත්තමයාලේ ඉව් රාත‍්‍රී ශිව රාත‍්‍රී මෙම රාත‍්‍රියේ දී උපවාසයේ හිද ශිව දෙවියන්ට පුද පූජා පවත්වන අයට මෙලොවදීත් පරලොවදීත් සැප සම්පත් ලබා දෙන්නට ශිව දෙවියන්ට ඉල්ලීමක් කළා ය. මහා සමුද්‍රයක් බදු වූ කරුණා නිධාන වූ ශිව දෙවියන් එය අනුමත කරමින් මෙම දිනයේදී තමන්ට පුද පූජා පවත්වන සියලුම ජීවීන්ට නොයෙක් වරප‍්‍රසාද සහ සැප සම්පත් ලබා දෙන  බව ආශිර්වාද කර ඇත. මෙම පුරා වෘත කථාව නිසා ඈත අතීතයේ සිට මෙදින නොයෙක් පුද පූජා පැවැත්වීමට හින්දු හු අමතක නොකරති.
        මහා ශිව රාත‍්‍රී දිනය සෑම වර්ෂයකටම පෙබරවාරි මාසයේ අමාවක ට පෙර දිනයේ දී යෙදේ. මෙම දිනය හින්දු දින දර්ශනයේ පෙබරවාරි මාසයේ ක‍්‍රිෂ්ණ පක්ෂයේ චතුර්දි වශයෙන් සැලකෙන දහතුන් වන දින හෝ දහ හතර වන දින හෝ ඊට ආසන්න දිනෙක හෝ යෙදීම සාමාන්‍යය සිරිතය. නමුත් ඇතැම් අවස්ථා වලදී මෙම දින වකවානු වෙනස් වීමේ ඉඩකඩ ද පවතී.
        මෙලෙස හින්දු බැතිමතුන් විසින් සිදු කරනු ලබන මහා ශිවරාත‍්‍රී පූජාව හුදෙක් උත්සවශ‍්‍රීයෙන් සමරන්නක් නොව ශිව දෙවියන්ගේ පිහිට අපේක්ෂොවන් සිදු කරන උපවාසය කි. මෙලෙස උපවාසයෙහි යෙදීම හරහා හින්දු බැතිමතුන් විසින් බලාපොරොත්තු වන දේ කිහිපයකි.
තමන්ට ඇති රෝග දුරුවීම
පව් දොස් නිවාරණය වීම
ජීවිත ආරක්ෂාව
ඒ හරහා ජීවිතය ආලෝකමත් වීම.
          මහා ශිව දෙවියන් ලිංග සංකේතයෙන් ලොව පහලවන බව කියන නිසිතකාලලෙසින් හැදින්වෙන ශුද්ධ මොහොතේ මහා ශිව දෙවියන් තම ඉහලම රංගනය වූ තාණ්ඩවරැගුම  රගන බව බැතිමතුන්ගේ විශ්වාසයයි. ශිව බැතිමත්හු එදින උදේම සූර්යෝදය සමග ස්නානය කරති. ඉන්පසු පිරිසිදු ඇදුමෙන් සැරසුණු ඔවුහු පැන් කෙණ්ඩියක් ද ගෙන දෙවොලට ගොස් ශිව ලිංගය නහවති. ස්ත‍්‍රී, පුරුෂ දෙපක්ෂයම එහිදී සූර්යය නමස්කාරය කරති. ඒ අවස්ථාවේදී දෙවොල පුරා ගන්ඨා නාදයත් සැම දෙනාට හ`ඩනගා කියන ෂන්කර්ජි ජායි’ ( ශිව දෙවියන්ට නමස්කාර වේවා) යන නාදයන් පැතිරේ. අහසේ දක්ෂිණ ප‍්‍රදේශයේ ග‍්‍රහ තාරකාවන් අරමුණු කර ශිව මන්ත‍්‍ර ගායනා කිරීම හරහා අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගත හැකි යන්න විශ්වාසයයි. මෙහිදී විශේෂයෙන්ම මහා මෘතුංජ මන්ත‍්‍රය ගායනයෙන් විපුල ප‍්‍රතිඵල ලැබෙන බව විශ්වාසයයි.
       තමන් නිවසෙන් ගෙන ගිය පැන් කෙණ්ඩිය යොදාගෙන එම පැන් කෙණ්ඩිය තුළ ඇති ජලයට බෙලි කොළ එකතු කර ශිව ලිංගය අභිෂේක කරති. මෙලෙස අභිෂේක කරනු ලබන්නේ ඒ හරහා තම ආත්මය ද පාරිශුද්ධත්වයට පත් කර ගැනීමටය. මීළගට ශිව ලිංගයේ දම් පැහැය ආලේප කෙරේ. ඒ ශීල ගුණය පිහිටවීමට ය. පලතුරු පිදීම ඊළගටය. ඒ දීර්ඝායුෂ සහ කෘතගුණ සැලකීමටය.අනතුරුව සුවද දුම් දල්වමින් ධනය ලැබේවා යන්නට ප‍්‍රාර්ථනා කරයි. පහන් දැල්වීමෙන් අපේක්ෂා කරන්නේ ඥාණ වර්ධනයයි. බුලත් පූජාවට තබන්නේ ලෞකික සන්තුෂ්ටිය ප‍්‍රාර්ථනා කිරීමටය.
       තිරුපුන්ද්‍රා යනු ශිව ලිංගයේ නළල් තලයේ හරස් අතට එක සමාන අන්දමින් අලු වලින් අදිනු ලබන රේඛා තුනයි. අධ්‍යාත්මින ඥාණය, ශුද්ධත්වය හා යෝග පිළිබද ප‍්‍රායෝගික හැකියාව, පුහුණුව එමගින් සංකේතවත් කෙරේ. ශිව දෙවියන්ට තිනෙත් යන නම යෙදෙන්නේ  ඇස් තුනක් ඇති හෙයිනි. මේ ඉරි තුනෙන් එම ඇස් තුන සංකේතවත් කෙරේ. ධර්මය විනාශ වී, අධර්මය වර්ධනය වී යුක්තිය යටපත්ව අයුක්තිය රජයන විට මිනිස් ලොව යහපාලනය, සාරධර්ම, ගුණධර්ම, මිනිස්කම යලි පුනුරුත්ථාපනය කිරීම සදහා ශිව දෙවියන් මිනිස් ලොවට පැමිණෙතැයි හින්දුන් ගේ මතයයි.
       මහා ශිව රාත‍්‍රී පූජා සමයේ සිදු වන සහශ‍්‍ර කල අභිෂේකම් පූජාව ඉතාම දුර්ලභ පූජාවකි. මහා ශිව රාත‍්‍රී පූජා සමයේ එම පූජාව දින දහයක්ම පවත්වනු ලැබේ. ඒ මහා ශිව දෙවියන් අභිෂේක උත්සව ප‍්‍රිය දෙවියෙකු බව සැලකෙන බැවිනි. මෙම උත්සවයේදී අභිෂේකය සදහා පැන්, සුවද පැන් ආදිය ගැනීමට කල 101 ක් යොදා ගන්නා බැවින් සහශ‍්‍ර කල අභිෂේකය ලෙස සැලකේ. මේ සදහා ගනු ලබන කල එකසිය එකෙන් සියයක් රිදී කල ය. එකක් රත‍්‍රන් ය. රිදී කල වලින් ගෙනෙන පැන් වලින් ශිව ප‍්‍රතිමාව හෝ ශිව ලිංගය හෝ අභිෂේක කර අවසානයේ රන් කලයෙන් අභිෂේක කෙරේ. ඒ අවස්ථාවේදී බැතිමත්හු නම ශිවාය හර හර මහා දේව, සම්බෝ මහා දේවආදී ලෙස ස්තෝත‍්‍ර ගයති.
        බෞද්ධයන්ට වෙසක් උත්සවය වැදගත් වනවා සේම හින්දු බැතිමතුන්ට මෙම මහා ශිව රාත‍්‍රිය වැදගත් ආගමික දිනයක් වේ. එනිසාම බොහෝ ආගමික වතාවත් උපවාස කිරීමේ ස්වරූපයක් ගෙන ඇත. මෙම දිනයේ දී හින්දු බැතිමත්හු බොහෝ දෙනා තම ආත්ම භවය සකස් කර ගැනීම සදහා නිරාහාරව, නිදි වර්ජිතව සිටිමින්, ශිව ලිංගය උදෙසා විවිධ පුණ්‍යකර්ම වල පූජාවන් වල යෙදේ. බොහෝ මහලු පිරිස් යෝ මොනයම් හෝ අසනීපයකින් නැතිනම් දුබලතාවයකින් පෙළෙන පිරිස් පළතුරු හා කිරි පමණක් ආහාරයට ගනිමින් උපවාසයට එක්කාසු වෙයි. නමුත් බහුතරයක් ශිව භක්තිකයන් වතුර බිදකුදු පානය නොකරයි. මෙලෙස ආහාර අවම කරන්නේ පාපාකාරී චේතනා හිතට නගා නොගෙන දෙවියන් පිළිබද පමණක් තම සිතෙහි රදවා ගැනීම සදහා ය. මෙලෙස උපවාසයේ යෙදෙමින් රාත‍්‍රිය පුරාවට කෝවිල තුල සිදු වන කොටස් හතරකින් යුක්ත වන විවිධ වරු වල පූජාවන් සදහා බැතිමතුන් සහභාගී වේ. මෙකී විවිධ පූජාවන් පහත ආකාරයට පැවැත්වේ.
සවස 6 ට පැවැත්වෙන පූජාව
රාත‍්‍රී 9 ට  පැවැත්වෙන පූජාව
මධ්‍යම රාත‍්‍රී 12 ට පැවැත්වෙන පූජාව
ලුයම 3ට පැවැත්වෙන අවසන් පූජාව

         මෙලෙස පැවැත්වෙන පූජාවන් අතරින් වඩාත් වැදගත් පූජාව වන්නේ මධ්‍යම රාත‍්‍රී 12 ට පැවැත්වෙන පූජාවයි. අනෙකුත් පූජා වලට සහභාගි වීමට නොහැකි වී ගියද මධ්‍යම රාත‍්‍රී 12 පූජාව සදහා සියලු දෙනාගේ ම සහභාගීත්වය අත්‍යාවශ්‍ය වේ. ඒ මන්ද එම වේලාවේ දී ශිව දෙවියන්ගේ රූපය ආලෝකයක් වී මෙලොවට පතිත වන්නා සේම එම ආලෝක ධාරාව දැක තම ජීවිත ආලෝකවත් කර ගැනීම ශිව බැතිමතුන්ගේ විශ්වාසයයි.
        මහා ශිව රාත‍්‍රියේදී ශිව දෙවියන්ගේ විවිධ රූප ආකාර අතරින් ශිව ලිංගය සදහා විශේෂයෙන්ම පූජා පැවැත්වීමට සිදු කරයි. මෙහිදී ශිව ලිංගය විවිධ පූජා ද්‍රව්‍ය යොදා ගනිමින් නාවා පිරිසිදු කරයි. එහි දී කිරි, සුවද වතුර, බෙහෙත් වතුර, බෙහෙත් කොළ, එළඟි තෙල්, මුදවපු කිරි වැනි පූජා ද්‍රව්‍ය වලින් ශිව ලිංගය නහවයි. ඉන් පසු සුවද දුම් අල්ලා, පළතුරු පූජා කර, පහන් පත්තු කර, මල් මාලා පළන්දවා පූජා පවත්වයි. උපවාසයේ යෙදෙමින් රැුය පහන් කරන අතරතුර ඕම් නම ශිවායවැනි මන්ත‍්‍ර පද කීම, කෙටි නාට්‍ය රගපෑම, ස්තෝත‍්‍ර ගායනය, ශිව පුරාණය කියවීම වැනි දේ සිදු කරයි.
        ශ‍්‍රී ලංකාවේ සෙල්ල කතරගම පුරාණ ගණ දේවාලයට විශේෂිතව කතා කළහොත් එහිදී ද මහා ශිව රාත‍්‍රී පූජාව පැවැත්වේ. මෙදින උදෑසන 6 සිට පසු දින උදේ 6 දක්වා පූජාවන් පැවැත්වේ. මධ්‍යම රාත‍්‍රියේ මහා ශිව රාත‍්‍රී දේව පූජාව පැවැත්වේ. මෙම පූජාව සදහා ලංකාවේ ප‍්‍රධාන ගණ දේවාල වල සාමි වරුන් දහ දෙනෙක් පමණ සහභාගි වේ. මධ්‍යම රාත‍්‍රියේ පැවැත්වෙන මෙම ශිව රාත‍්‍රී පූජා අවස්ථාවේදී මෙම දේවාලයේ ගලෙන් ඉබේ වැඩෙන ශිව ලිංගය කිරි, තැඹිලි, තල තෙල්, එළගි තෙල්, මී පැණි වලින් ද, අඹ, දිවුල්, දොඩම්, අන්නාසි, පළතුරු යුෂ වලින් ද, අභිෂේක කර, නාවා මැණික් ගෙග් පිරිසිදු ජලයෙන් ද නාවා තින්නූරු කුංකුම හදුන් ගල්වා, ගස් වලින් නෙලා ගන්නා ලද මල් මාලා වලින් අලංකාර ලෙස සරසා විශේෂ දේව පූජා පැවැත්වේ.
          මේ ආකාරයට ලෝකය පුරා විසිරී සිටින ශිව බැතිමතුන් කුමන හෝ ශිව කෝවිලකට ගොස් පූජා පවත්වා උපවාසයේ යෙදීමෙන් අනතුරුව පසු දින උදෑසන තම නිවෙස් බලා ගොස් නා පිරිසිදු වී ආහාර ගනී. මෙම ආහාර ඔවුන් විශේෂ නමකින් හදුන්වනු ලබයි. එනම් ශිව රාත‍්‍රියට පසු දින ආහාරයට ගන්නා දේ ඔවුන් පාරනම්නමින් හදුන්වනු ලබයි.
          හින්දු භක්තිකයන්ගේ ප‍්‍රධාන දෙවියන් වන්නේ ශිව දෙවියන් ය. තම මව හා පියා වශයෙන් ඔවුන් සලකන්නේ පාර්වතී මෑණියන් හා ශිව දෙවියන් ය. මේ ආකාරයට ලොව පුරා හින්දු බැතිමතුන් මහා ශිව රාත‍්‍රී දිනය උපවාසයේ යෙදෙමින් ශිව දෙවියන් හා ශිව ලිංගය වන්දනාමාන කිරීම නිසා තම ජීවිත වලට ලැබෙන ආශිර්වාදය හරහා තම ජීවිත ආලෝකමත් වන බව ඔවුන්ගේ විශ්වාසයයි.    

Tuesday, July 25, 2017

හිතන්න

හැකි නම් කියන්නට යමක්
කියන්නේ එක දෙයයි
ඒ මා ඔබට ආදරේ වග
කිසිදා ඔබ දමා වෙනතක නොයන බව

හැකි නම් කියන්නට
අනේ මට කුසගිනි වග
නැත ඔබට බාධා කරන්නේ
නිරතුරුම  ඇගෙහි දැවටෙමින්

හැකි නම් ඔබට මා වෙන්න
දැන ගනියි ඔබත් මා සිතුවිලි
එපා මට රිදවන්නට
මා වැනි තිරිසෙනෙකු වේවී ඔබත් මතු භවයක

Thursday, July 20, 2017

නෙත් සිත් වශී කරන සංචාරකයන්ගේ පාරාදීසය

             
     ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් විරුධාවලිය ලත් ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන්ම සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වූ දිවයිනකි.  සංස්කෘතිකය, අර්ථිකය, දේශපාලනය මෙන්ම ස්වභාව සෞන්දර්ය ගැන කතා කළ ද අප රටට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.  මේ හේතුවෙන් වර්තමානය වන විට සංචාරක කර්මාන්තය, මෙරටට ආර්ථික ප්‍රතිලාභයන් රාශියක් අත් කර දෙන කර්මාන්තයක් බවට පත් වී ඇත.   

             
                     දෙස් විදෙස් කා අතරත් වඩාත් ප්‍රකට සංචාරක පාරාදීසයන් ගණනාවක් ලංකාවට ආවේණිකව පවතී. නමුත් සංචාරකයන්ගේ පාරාදීසය කියූ සැනින් මා මතකයට නම් එන්නේ අන් කවරක්වත් නොව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නෙත් සිත් වශී කරන සුන්දර නුවර එළියයි. ඔබ ලංකාවෙහි කවර ඉසව්වක ජීවත් වුව ද ජීවිතයේ එක් වරක් හෝ සුන්දර නුවර එළියෙහි සංචාරය කර නොමැති නම් එය මහත් අඩුවක් ලෙස මට නම් හැඟේ. මන්ද යත් නුවර එළියෙහි ඔබ, අප විඳින සිසිලස, සුන්දරත්වය මිහිපිට අන කවර තැනක දී වුව ලබා ගැනීමට නොහැකි වන බවට මා හට විශ්වාස නිසාය. එක් වරක් ඔබ නුවර එළියෙහි සංචාරය කළ කෙනෙක් නම් නැවත වතාවක් එහි යන්නට ඔබව පෙළඹවීමට තරම් හැකියාවක් රමණීය නුවර එළියට ඇති බව නම් නොරහසකි.  සැබවින්ම ඒ සුන්දරත්වය වචනයෙන් කීමට නොහැකි තරමට සුවිසල්ය.

                පසුගිය වසර ගණනාවක පටන්ම බොහෝ දේශීය සංචාරකයන්ගේ නිවාඩු නිකේතනය බවට පත් වන්නේ සුන්දර නුවර එළියයි. විශේෂයෙන්ම කොළඹ ඇතුළව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින කටෝර දේශගුණයෙන් මිදී වඩාත් සුවදායී සති අන්තයක්, නිවාඩුවක් ගත කිරීමේ අරමුණින් මෙලෙස සංචාරකයන් තම නිවාඩු නිකේතනය බවට නුවර එළිය පුරවරය තෝරා ගනී. නුවරඑළියට එන යන කාටත් වඩාත් සුවදායී දේශගුණයක් අත් විඳීමට හැකියාව පවතින බවට නම් කිසිදු සැකයක් නැත.

                 නුවරඑළයෙහි සංචාරය කරන්න්ගේ නොවරදින සංචාරක ස්ථානයන් කිහිපයක්ම පවතී. ග්‍රෙගරි වැව, හග්ගල උද්භිද උද්‍යානය, හෝර්ටන්තැන්න, ලෝකාන්තය වැනි ස්ථාන මේ අතර වඩාත් සුවිශේෂීය. දෙස් විදෙස් සංචාරකයන් නුවරඑළියට පැමිණෙන්නේ ම මෙවැනි අති රමණීය ස්ථානයන්හි සුන්දරත්වය විඳ ගැනීමටයි. විශේෂයෙන්ම ප්‍රේමවන්තයින්ට නම් සුන්දර නුවරඑළිය ප්‍රේමණීය මතක සැමරුම් රාශියක් ඔවුන්ගේ ආදරයට මෙන්ම ජීවිතයට ද එක් කරයි. ඇතැම් ප්‍රේම කතා ආරම්භ වන්නේම ප්‍රේමණීය නුවරඑළියෙනි. පෙම්වතුන්ට පමණක් නොව පවුලේ සියල්ලන්ටම තම නිවාඩුව විවේකීව හා වඩාත් සුවදායී ලෙස ගත කිරීමට නුවරඑළිය අපූරු තෝතැන්නකි.  

              නුවරඑළයෙහි අසිරිය පාරිසරික වශයෙන් ඉතා වැදගත් වනවා සේම ඊට එහා ගිය වටිනාකමක් ද එහි දී අත් විඳින්නට හැකිය. වසරේ ඇතැම් කාල වකවානුවලදී නුවරඑළි පුරවරයට පතිත වන මල් තුහින ඇඟ කිළිපොලා යන අධික සීතලක් පරිසරයට එක් කරයි. එමෙන්ම මල් තුහින පතිත වන දර්ශනය සංචාරකයන්ට කිසිදා අත් නොවිඳි සොඳුරු දසුනක් බවට පත් වෙයි.

               ලංකාවෙහි සතර දිග් භාගයේ වෙසෙන කොයි කාගේ වුවත් නෙත් සිත් වශී කරන පාරාදීසය නුවරඑළිය රැක ගැනීම අප කාගේත් පරම යුතුකම වන්නේ මතු පරම්පරාවට ද මෙවන් රමණීය දර්ශන දැක බලා ගැනීමට අවස්ථාව උදා කර දිය යුතු නිසායි. සොබාදහමේ ආශිර්වාදය බඳු මල් තුහින ඇද හැලෙන සුන්දර නුවරඑළිය ඔබේ විඩාබර දිවියට සුවදායී බවක් එක් කරන ශ්‍රී ලංකිකයන් සතු රමණීය තෝතැන්නකි. 

Wednesday, July 5, 2017

ඔහු

කුසින් දරා නොසිටිය ද
ආදරය මහ සයුරකි
රැකවරණය සිව් කොණ බැදි පවුරකි
පියාණෙනි ඒ ඔබම පමණයි

නොසිතූ නොපැතූ මොහොතක
මා හැර ගිය ඒ පිය සෙනෙහස
යළි කිසිදු දිනක
මවෙත නොඑන බව දැන දැනම





නමුදු හිත කොනෙහි තිබුණි පැතුමක්
පියෙකු මෙන් මා රැකිය හැකි
එවන් සුවිසල් සෙනෙහසක් මට පිදිය හැකි
පේ‍්‍රමවන්තයෙකු දිවි හිමියෙන් මා රකින

නැවතුණි හෘද ස්පන්දනය පවා මොහොතකට
ඒ ඔහුගේ හදවත සොයා ගන්නයි
ඒ හුරුපුරුදු බව අදටද දැනෙන්නේ
ආත්ම ගාණක සිට ඔබ මා හදුනනා ලෙසින්

පෙර පිනට ඔබ ලැබුණි
පේ‍්‍රමයේ නාමයෙන් සිතෙන් සිත බැදුණි
හැර නොයමි කිසිදිනක
මියෙන තුරු පේ‍්‍රම කරමි දිවි හිමියෙන්

රෝමියෝ ජුලියට් නොවුණත්
හැකිය මටත් ඔබ නමින් මලගමට වුව යන්නට
පොරොන්දු වන්නේ ඔබ නමින් දිවුරමින්
ඔබ දිවියට දොලොස් මහේ පහන වන බවට


Saturday, June 17, 2017

අපේකමයි ගී තනුවයි........

                         ශ‍්‍රී ලාංකේය ජන සමාජයට ආවේණික වෙමින් එහි අනන්‍ය ලක්ෂණ ප‍්‍රකට කරමින් නිර්මාණය වූ ගී විශේෂයක් ලෙසින් ජන කවි, ජන ගායනා හදුනා ගැනීමට හැකිය. එම නිසාම ජන කවි හා ජන ගායනා සාම්ප‍්‍රදායික ගැමි ජනයාගේ අත්දැකීම්වල කැඩපතක් ලෙස ද හැදින්විය හැකිය. චිරාත් කාලයක් පුරා පරපුරෙන් පරපුරට, සංස්කෘතියෙන් සංකෘතියට පැවත ආ ජන කවි හා ජනගායනා තුළින් අතීත ගැමියා විදි සියලූ දුක් කම්කටොලූ හා ඔවුන්ගේ සංස්කෘතිය තමාගේ හුරු ගැමි බස යොදා ගනිමින් මොනවට ඉදිරිපත් කොට ඇත.
                         මිනිසා ශිෂ්ඨාරගත වීමටත් පෙර යුගයේ සිට ජන කවි හා ජන ගායනා සදහා ආකෘති සකස් වන්නට ඇතැයි සිතිය හැකිය. එනිසාම ජනකවියෙහි උපත සියවස් ගණනක් ඈතට දිව යන්නක් ලෙසින් දැක්විය හැකිය. අතීත මානවයා සිය අදහස් ප‍්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙස භාෂාව දැන හැදින ගත් දා පටන් සිත් සතන්හි හටගත් නොයෙක් චින්තනයන් අන් අයට දැනවීමේ අරමුණ පෙරදැරිව ජන කවි, ජන ගායනා නිර්මාණය විය. අතීත ජනයා සිය ජීවන වෘත්තිය, ආධ්‍යාත්මික සිතුවිලි, ආගමික ගුණ දහම් යනාදිය පසුබිම් කර ගනිමින්, ඒ සම්බන්ධව අදහස් දැක්වීමට භාෂාව පන්හිදක්ව යොදා ගනිමින්, මනා ගැළපීමක් ඇතිව පද යොදා ජන කවි, ජන ගායනා නිර්මාණය කර ගත්හ.
                      එළිවැට, එළිසමය පිළිබදව නොදත් යුගයේ පවා ගැමි ජනතාව තම අදහස් ඉදිරිපත් කළ කවි ස්වරූපය බිහි වීමේදී පුද්ගලයන් හතර දෙනෙක් හෝ ඒ ආසන්න පිරිසක් විසින් වරින් වර පදයෙන් පදය ඉදිරිපත් කර ඇත. එක් පුද්ගලයෙක් පදයක් ඉදිරිපත් කරන විට අනෙක් පුද්ගලයා නිහඩව සිටියි. නමුත් පද හතර එක් වී මුඛ පරම්පරාගතව හා ලේඛනගතව විකාශය වන විට එක් පුද්ගලයෙකු විසින් මෙය ඉදිරිපත් කරනු ලැබේ.
                      තමා හා තම පිරිස ආරක්ෂා කරන්නා වූ අදෘශ්‍යමාන බලවේගයක් වෙනුවෙන් ආමන්ත‍්‍රණය කිරීමට පිරිසක් එක්ව පැදි ලෙස ඉදිරිපත් කරන ජන ගායනා ද දැකිය හැකිය. පසු යුගයේ දී විවිධ විනොදාස්වාද ක‍්‍රමවේද නිර්මාණය කර ගත් ගැමියා ඒ සදහාද ජන ගී යොදා ගත්හ. එවන් ජන ගී ලෙස මේවරකෙළිය, ඔළි`දකෙළිය, එළුවන් කෑම, ප‍්‍රශස්ති, වන්නම් හැදින්විය හැකිය.
                       ගැමි ජනයාට පෞද්ගලිකව දැනෙන්නා වූ සුඛ දුක්ඛ හැගීම් ප‍්‍රකාශ කිරීමේ මාධ්‍යයක් වූ ජනකවි දෙවියන් උදෙසා, පවුල් ජීවිතයේ ගෙවෙන්නා වූ දුක් ගැහැට මෙන්ම තමන් යෙදුණු කර්මාන්තයේ විදින්නා වූ සියලූ හැගීම් ඉදිරිපත් කරයි. ඒ අනුව පතල් කවි, පාරු කවි, පැල් කවි, පෙම් කවි, ටීකා කවි, සංවාද කවි, උපදේශාත්මක කවි ආදිය බිහි විය.
                         ගීතය පිළිබදව අවධානය යොමු කිරීමේ දී එය අනෙකුත් කලා මාධ්‍යයන් මෙන් එනම් නවකතාව, කෙටිකතාව, කවිය වැනි කේවල මාධ්‍යයක් නොවේ. එය ගීත රචකයා, සංගීතඥයා, ගායකයා යන කලාකරුවන් ත‍්‍රිත්වයෙහි නිපැයුමක් ලෙසින් හදුනා ගැනීමට හැකිය. මේ තිදෙනාගේම සාර්ථකත්වය එකී ගීතයෙහි සුන්දරත්වය, ගුණාත්මකභාවය තුළින් සාර්ථකත්වය නිර්මාණය කිරීමෙහි ලා බලපායි.
                          ජනප‍්‍රියත්වය පිටුපස දුවන නූතන ගීත රැල්ල වඩාත් සම්භාව්‍ය එකක් ලෙසින් විග‍්‍රහ කිරීම අපහසුය. නමුත් මෙහි දී විග‍්‍රහ කරනු ලබන්නේ ජන කවි, ජන ගායනා ආශ‍්‍රය කර ගනිමින් නිර්මාණය වූ වඩාත් අපූරු ගීත කිහිපයක් පිළිබදවයි.
                             සාම්ප‍්‍රදායික කවි නාද මාලා ඇසුරු කර ගනිමින් නිර්මාණය කර ඇති අග‍්‍රගණ්‍ය සරල ගීයක් ලෙස, පලංචියේ ලී ඉරුවේ අපි එකට යන ගීතය හැදින්විය හැකිය. ගායනයෙන් සුනිල් එදිරිසිංහයන් සමගින් එඞ්වඞ් ජයකොඩිද, අපූරු සංගීතයෙන් රෝහණ වීරසිංහයන් ද, ගේය පද රචනයන් වසන්ත කුමාර කොබවක ද මීට දායක විය.
        පලංචියේ ලී ඉරුවේ අපි එකට
        මල් පැන් පොදක් රහ බැලූවේ අපි එකට
        එක වාඩියේ කල් ඇරියත් හිත හොදට
‍        ඇයි මස්සිනේ පෙම් කළෙ අපි එක මලට
                 ඉතා අහිංසක ජීවිතයක් ගත කරන මිතුරන් දෙදෙනෙකු අතරින් මතු වූ ආදරයක්, සෙනෙහසක් ඉදිරියේ දෙදෙනාම එක් අයෙක්ට පෙම් කිරීම මත ඇති වූ දුක්මුසු සිතුවිලි දාමයක් ඉස්මතු කර දැක්වීම මෙම අගනා ගීතයෙහි තේමාවයි. මිතුරන් දෙදෙනා එකට ගත කළ සෑම මෙහොතක් පිළිබදවම ඉතා සුන්දර පද පෙළක් තුළින් විද්‍යාමාන කර ඇත. පලංචියේ ලී ඉරුවේ අපි එකට, මල් පැන් පොදක් රහ බැලූවේ අපි එකට ආදී වශයෙනි.මෙකී අදහස, තේමාව උද්දීපනය කිරීම සදහා රෝහණ වීරසිංහයන් විසින් යොදා ගෙන ඇත්තේ සාම්ප‍්‍රදායික ජන ගී ශෛලියෙහි ආභාසයයි. සාම්ප‍්‍රදායික ජන ගී ශෛලියෙහි එන සුරරද සමන් යන ජන ගීය ඇසුරු කර ගනිමින් මෙහි තනුව නිර්මාණය වී ඇත. පෙම් දම් නිසා මිතු දම් සිද දමන්න ද, හොද හිත නුඹෙ තරම් ලොවකින් ලබන්න ද යන්න පද පේළි දෙක රිද්මය මත පිහිටා අනාඝාතාත්මක ස්වරූපයෙන් නිර්මාණය වී ඇත. මේ සදහා සමුද්‍ර ඝෝෂ විරිත යොදා ගැනීම තුළ පද පෙළෙහි අදහස තවත් උද්දීපනය කරයි. එසේම සංගීතය නිර්මාණයේ දී ජන හඩට, ජන ගීතයට වඩා උචිත සිතාරය, බටනලාව වැනි සංගීත භාණ්ඩ තුළින් මතුකර ඇති ස්වර සංකලයන් තුළින් ගීතයෙහි භාවය තවත් ඔප මට්ටම් කරයි. මේ ආකාරයට ගීතයෙහි ගීතවත් බව ජන හඩට, ජන ගීයට උචිත ලෙස නිර්මාණය වී ඇති අතර මෙම සරල ගීතය ඉතා සාර්ථක සරල ගීයක් ලෙසින් දැකිවිය හැකිය.
                 දේශීය ජන නාද රටා ඇසුරින් නිර්මාණය වූ සරල ගීයකි අක්ක නගාලගෙ බොලද සිනායන සරල ගීතය. පද නිර්මාණය කොට ඇත්තේ අජන්තා රණසිංහයන් විසිනි. එහි ඇති ගැමි සංකල්පය ගැමි ශ‍්‍රැතියකට ගැයීම සදහා උචිත වූවකි. එම නිසාම මෙම නිර්මාණය සදහා සංගීතය නිර්මාණය කරන ලද දයා රත්නසේකර මහතා විසින් ශාන්ති කර්ම ගී ඇසුරින් තනුව නිර්මාණය කොට ඇත. නෙරිය තබා සුදු සේල අදිනවායන රට යකුමේ එන ශාන්තිකර්ම අන්තර්ගත ශ‍්‍රැති රදන ගුණය හා පද රටා ගුණය මැනවින් ඇසේ. එම ගී කොටසේ ස්වර රටාවන් සාම්ප‍්‍රදායික ශාන්තිකර්ම ගී පාදයේ නාදමාලාවේ ස්වර රටාවන්ට ඉතාමත් ළග ඇසුරක් පවතී. එමෙන්ම ගැමි ගී ගායනයේ දී නිරන්තරයෙන්ම ඇතිවන සුවිශේෂී ලක්ෂණයක් වූ පහත් ස්වරයක සිට එකවර උස් ස්වරයක් දක්වා නැග ගොස් ක‍්‍රමයෙන් අවරෝහණව එන ස්වභාවයක් එම ගීතයේ ද යෙදී ඇත. බෙරය, රබාන, ගෙජ්ජි හඩ වැනි දේශීය භාණ්ඩ යොදා ගනිමින් ගැමි ජනතාවට ඉතා ළං වූ, හුරුපුරුදු වූ මිහිරි සංගීතයක් නිර්මාණය කොට ඇත.
                 ජන ගී නාද රටා පාදක කර ගත් තවත් සරල ගීයක් ලෙස අමරදේව මහතා විසින් ගයන ලද රන්වන් කරල් සැලෙයි යන ගීතය දැක්විය හැකිය. දේශීය උඩරට නර්තන සාම්ප‍්‍රදායේ එන තුරගා වන්නම ඇසුරු කර ගනිමින් ගී තනුව නිර්මාණය වී ඇත. මෙම ගීතයේ නාද මාලාව මෙන්ම ජාති ලක්ෂණයන්ට තුරගා වන්නම බෙහෙවින් සමානකම් දක්වන බව කිව හැකිය.
තුරගා වන්නම මාත‍්‍රා 2/3 යන ජාති ලක්ෂණය අනුව ගයයි. එනම්,
සත්/ වෙත්ම/ හත්/ අදර........ යන ආකාරයෙනි.
සරල ගීතයේද පද එම ජාති ලක්ෂණය අනුවම ගයයි.
රන්/ වන්ක/ රල්/ සැලෙයි
                     මෙම ගීතය ගායනා කරන අමරදේවයන්ගේ දේශීය ජන හඩ තුළින්ද මේ ගීතයේ දේශීයත්වය වඩාත් තහවුරු වන බව කිව හැකිය. එසේම දේශීය සංගීත භාණ්ඩ ඇසුරු කර ගනිමින් තනුවට උචිත ලෙස එම භාණ්ඩ සංකලනය තුළින් ද මෙම සරල ගීතය දේශීය ජන ගී ආරට මහත් සේ නෑකම් කියන බව පැහැදිලි කර ඇත.
                      මහින්ද දිසානායක ප‍්‍රවීන ගේය පද රචකයා විසින් රචිත, සුනිල් එදිරිසිංහ කලාකරුවා විසින් ගායනා කරන, ලප නැති සදක් ඇති නිලඹරක් කිකලෙක නමුත් දුටු වේද ඔබත් නොපතන්න ඒ සා පුන්සදක් යන ගීතය ද දේශීය ජන ගී ආශ‍්‍රයම අනුව නිර්මිතය. සුභාෂිතයේ එන මිනිසා හට සොදුරු ගුණ හා නුගුණ ඇත යන සුභාෂිතයේ කවියක් පාදක කර ගනිමින් මෙය නිර්මිතය. මහින්ද දිසානායකයන්ගේ දියුණු වාග් කෝෂය, ජන සාහිත්‍ය අධ්‍යයනය, සම්භාව්‍ය සාහිත්‍ය අධ්‍යයනය මෙකී ගීතයේ පද රචනාව නිර්මාණය සදහා නොඅඩුව බලපා ඇත.
                       ජයන්ත චන්ද්‍රසිරි විසින් අධ්‍යයක්ෂණය කළ දඩුබස්නාමානය ටෙලි නාට්‍ය ඉතිහාසයෙහි ඉතා වටිනා නිර්මාණයකි. දඩුබස්නාමානය දේශීය සම්පත් උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගනිමින් විශිෂ්ඨ තේමාවක් ඉදිරිපත් කිරීමට සමත් වූවකි. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වන පේ‍්‍රමසිරි කේමදාසයන් විසින් මූලිකවම හටන් කවි ආශ‍්‍රය කර ගනිමින් මෙහි තේමා ගීතය නිර්මාණය කොට ඇත. එමෙන්ම පැරණි හෙල ගායනා ශෛලියේ එන යාදිනී, සැහැලි, ස්තෝත‍්‍ර වැනි ගායනා කොටස් ඇසුරින් වඩා විශිෂ්ඨ තේමා වාදනයක් නිර්මාණය කොට ඇත. මෙකී ජන නාද රටා ඇසුරු කරමින් නිර්මිත මෙම තේමා ගීතය හා තේමා වාදනය ඔස්සේ ටෙලි නාට්‍යයේ හරය හා හැගීම මතු කිරීමට සමත් වී ඇත.
පැලේ පැදුර හේනට අරගෙන යනවා
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
ඉර පායා ඉර මුදුනට ගියාදෝ
සද පායා සද අවරට ගියාදෝ
                            ඩබ්. ඞී. අමරදේවයන් විසින් තම සංගීත ඥාණය උපයෝගී කොටගෙන ගැමි ජන ගීයේ ආභාසය කරගෙන නිර්මාණය වූ ගීයකි. ගැමි තරුණයාගේ කුළුදුල් වූද, නිර්ව්‍යාජ වූද ආදර සිහිනයක් බිද වැටීම තේමාව කරගත් මෙම පද පේළිය සදහා අමරදේවයන්ගේ තම නිර්මාණශීලී සංගීත ඥාණය මනා ලෙස උපයොගී කර ගනිමින් මිනිස් සිත් සතන් තුළ දුක පිළිබද සැබෑ වූ හැගීමක් ඇති කරමින් මහගමසේකරයන්ගේ කවි සීපද හරහා අසන්නාගේ නෙතට කදුලක් උනන්නට සමත් වී ඇත.

සොදුරු පෙතන් ගොඩ උයනට     වැඩියාය
නපුරු උණ කටුව පතුලේ             ඇනුනාය
එක්ව සිටි සැවොම මතු කොට      මතුලාය
රාජසිංහ දෙවි නාමෙත්                 මැකුණාය

                              මෙම හටන් කවිය ආශ‍්‍රය කර ගනිමින් කටේ කිරි සුවද යන්නට පවා බැරි වුණා යන විශිෂ්ඨ සරල ගීතය නිර්මාණය වී ඇත. එම කවි ගායනයේ දී යොදා ගත් ගැමි නාද මාලා උපයෝගී කොටගෙන කටේ කිරි සුවද යන්නට පවා බැරි වුණා යන ගීතය නිර්මාණය වී ඇත.
                              පෙරුමන් පුරා මා කුසට පැමිණි ආදරණීය බිලිදුනි ඔබ දුවක ද, ඔබ පුතෙකු ද වුව ඔබ මට රජ පැටියෙක් වග පවසමින් ආදරණීය මවකගේ හදවතෙහි තම කුළුදුල් දරුවා වෙනුවෙන් උපන් උතුම් පේ‍්‍රමය හා සම්බන්ධව නිර්මිත සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඩින් ගෙන පැදකුණු නොකලත් සිරි යහනේ යන මෙම ගීයෙහි හෘදයාංගම පදවැල් බන්දුල නානායක්කාර වසම්ගෙන්. හෙළ ජන ගී තනු රටා ඇසුරින් නිර්මිත මෙම ගී තනුව රෝහණ වීරසිංහයන්ගෙන්. නිරෝෂා විරාජිනියගේ මධුර මනෝහර හඩින් මේ ගීතය ඇසෙන විගසම පුංචි දරුවෙකු නලවන මවකගේ මුවින් පිටවන දරු නැලවිලි ගීයක මිමිණුම් හඩ අපට මතක් වන වග නොඅනුමානයි. රජ පැටියෙකු තම කුසින් බිහි කරන්නට මග බලාගෙන සිටින ආදරණීය මවකගේ දරු සෙනෙහස රසිකයාගේ හදවත සමීපයෙහි මනාව ගෙනහැර පෑම සදහා රෝහණ වීරසිංහයන් ඇසුරු කරගත් ජන ගී ආභාසය අනගිභවනීය වග මේ ගීතය රස විදින සියල්ලන්ටම වැටහෙන කාරණයකි.
                             වන්නම් යනුවෙන් හදුන්වන්නේ ද  ජන ගීය හා බැදුණු ගායනා විලාසයකි.  මහනුවර යුගයේ කවිකාර මඩුවේ ගායනා කර ඇති කවි විශේෂයක් වන උඩරට වන්නම් ඉන්දියාවේ පැමිණි ගණිතාලංකාර නම් බමුණෙකු විසින් රචනා කරන්නට ඇතැයි විශ්වාසයක් පවතී. නර්තනය, ගායනය, වාදනය යන ත‍්‍රිඅංශයෙන්ගේම පරිපූර්ණත්වයෙන් අපට වන්නම්වල උපරිම රසවින්දනය ලැබීමට පුළුවන.
                           රුක් අත්තන මල මුදුනේ ගීතය මහින්ද අල්ගමයන්ගේ අපුර්වතම ගී පද රටාවට, නන්දා මාලනියගේම අපූර්වතම හඩින් හැඩවෙන මෙම ගීතය උකුසා වන්නම ඇසුරින් පෝෂනය වූ ගී තනුවක් ලෙසින් හදුනා ගැනීමට හැකිය. විශේෂයෙන් ගීතයේ පූර්ව වාදනයේ ස්වර රටාවන් සාම්ප‍්‍රදායික උකුසා වන්නමෙහි සුවර රටාවන්ට ඉතාමත්ම ළග ඇසුරක් පවතී. උකුසා වන්නම අපට හමුවන්නේ උඩරට වන්නම් දහඅට අතරිනුයි. ගීතය පුරාවටම උකුසා වන්නමේ ස්වර සංගති, නාද රටා හරි හරියට ගලපමින් වඩා සාර්ථක ගැමි ජනයාට ඉතා ළං වූ හුරුපුරුදු මිහිරි සංගීතයක් නිර්මාණය කොට ඇත.   
                           සිංහල ජන නාට්‍ය අතර කෝලම්වලට හිමි වන්නේ වැදගත් තැනකි. සොකරිය තරම් පහසු නොවන කෝලම් සදහා පිළිගත් සිද්ධාන්ත පවතී. වෙස් මුහුණු නාට්‍ය ලෙසින් ද කෝලම් හදුන්වන අතර දකුණු පළාතේ වෙරළබඩ ගම්මානවල කෝලම් ජනනාට්‍ය ප‍්‍රසිද්ධියට පත් වී ඇත. කෝලම් නාට්‍යයේ කතා වස්තු නිරූපණයේ දී මාධ්‍ය වශයෙන් උපයෝගී කර ගන්නේ කවි කීම හා හිටිවන සංවාදයයි. නාට්‍ය ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම සදහා කවියට නගා සකස් කරන ලද කතා වස්තු කිහිපයක් කෝලම් නාට්‍ය කණ්ඩායම සතුය. ඉනි එකකි ලෙංචිනා කෝලම. සුනිල් එදිරිසිංහයන්ගේ විශිෂ්ඨ ගායනාවෙන් හැඩවෙන ගීයකි ලෙංචිනා මගෙ නංගියේ.  රත්න ශී‍්‍ර විජේසිංහයන්ගේ ගේය පද වලින් හා රෝහණ වීරසිංහයන්ගේ විශිෂ්ඨ සගීතයෙන් සුපෝෂණය වූ මෙම ගීතය ආභාසය ලබන්නේ කෝලම් ගී තනු වලිනි. ගීතය ගායනා කරන සුනිල් එදිරිසිංහයන්ගේ දේශීය ජන හඩ තුළින් මේ ගීතයේ දේශීයත්වය වඩ වඩාත් තහවුරු කරන බව නොකිවමනාය. එසේම දේශීය සංගීත භාණ්ඩ ඇසුරු කර ගනිමින් තනුවට උචිත ලෙස එම භාණ්ඩ සංකලනය තුළින් ද මෙම සරල ගීතය දේශීය ජන ගී ආරට මහත් සේ නෑකම් කියන බව තවදුරටත් ඔප්පු කරයි. 

                        මීට අමතරව සිංහල ගීත ක්ෂෙත‍්‍රයේ ගීත රාශියක් ජන ගී ඇසුරින් නිර්මාණය වී ඇත. කදුළු හෙලා නෑඹිලියට සහල් ගරන අම්මා, සද සාවී මා, සාරි පොඩිත්තක් ඇදගෙන, මල්සරා බැල්ම හෙලා මගේ කනට කොදුරනවා, සාර සදිසි පෙති පේර නෙලාලා වැනි ගීත ද ජන ගී තනු රටා ඇසුරින් නිර්මාණය වී ඇත.

වැස්ස

  කර්කෂ වූ මහ පොළොවකි. වියළී තැලී පොඩි වී ගිය මහා මූසල කාන්තාරයකි. ගහ කොළ මලානිකව ගොසින්. පරව යන්නට සැරසෙන මල් ගොමු මට නවතා ගන්නට හැකි නම...